Goraka Ella Falls (ගොරක ඇල්ල) Amitirigala

Date: 2024-11-27
news-banner
OYxRG5o.jpeg

උසින් මීටර් 60ක් පමණ වන මෙම ඇල්ල කොටස් හතරකට විවිධ හැඩතල රටා මවමින් නාරත්තල, කුඩුමිරිස, මාවරුල්ල කඳු අතරින් අමිතිරිගල නාමල්ගමුව හරහා ගලා බසී. ගොරකා බිකක හැඩය පෙන්නුම් කරන හෙයින් මෙම ඇල්ලට ගොරකා ඇල්ල යයි නම ව්‍යවහාර වූ බව ගම්මුන්ගේ අදහසයි.

 N82efEB.jpeg
ස්වභාවික පරිසර පද්ධතියකින් යුක්ත ඇල්ල දෙපස බට, කැන්ද, දෙල්, කිතුල්, පොල්, පුවක්, අඹ, කජු, ඉලුක් හා ආක්‍රමණික ශාකයක් වන භවරිනුග වැනි ශාකවලින්ද, ඇල්ල දෙපස රබර් වගාවෙන්ද, ඇල්ල පහළ වී වගා කෙරෙන කුඹුරු යායකින්ද යුක්ත වේ. ගොරකා ඇල්ල රක්ෂිතය හා දිය ඇල්ල වටා ඇති ජල පෝෂක ප්‍රදේශය ඉතා වැදගත් වන අතර,අමිතිරිගල, මහදෙනිය ප්‍රදේශ වලට අවශ්‍ය ජල සම්පත සපයන ජල ව්‍යාපෘති දෙකම ඉදිකර ඇත්තේ මෙම ඇල්ල ආශ්‍රිතවය.
DwOdxyI.jpeg
රුවන්වැල්ල - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ, තල්දූව හන්දියෙන් වමට හැරී අමිතිරිගල - නිට්ටඹුව මාර්ගයේ කි. මී. 5ක පමණ පැමිණ නාමල්ගමුව හන්දියෙන් හැරී ගොරකා ඇල්ල මාර්ගයේ මීටර් 350ක පමණ දුරක් ගෙවා මෙම දියඇල්ලට ළඟාවිය හැකිය.
මෙහි පැමිණෙන සංචාරකයන්ට බීමට ජලය, වැසිකිළි පහසුකම්, ආහාර ලබාගැනීමට ආසන්න ස්ථානයක් නොමැතිවීමත් රථගාල් කිරීමට ප්‍රමාණවත් ස්ථානයක් නොමැති වීමත් ගැටලුකාරි තත්ත්වයක් වන අතර, මෙහි පැමිනෙන සම හරක් සංචාරකයන් විසින් පරිසරයට පොලිතින්, ප්ලාස්ටික්, වතුර බෝතල්, අරක්කු බෝතල්, සහ බියර් ටින්, එකතු කරනු ලැබීම තවත් ගැටලුකාරී තත්වයක් වන අතර, රථගාල පවත්වාගෙන යන ස්ථානයේ නිවසේ අය විසින් කසළ එකතු කර නිසිලෙස බැහැර කරනු ලබයි. 

qbYGq1a.jpeg

This waterfall, which is about 60 meters high, flows through the Naraththala, Kudumirisa, and Mawarulla mountains in four parts, forming different shapes. The villagers believe that the name Goraka Ella was given to this waterfall because it shows the shape of a gourd.
oCoMhAg.jpeg
The waterfall, which has a natural ecosystem, is surrounded by plants such as reeds, kenda, palm, kitul, coconut, areca nut, mango, cashew, iluk and an invasive plant called Bhawarinuga, as well as rubber plantations on both sides of the waterfall, and a paddy field where the waterfall is cultivated. The Goraka Ella Reserve and the water catchment area around the waterfall are very important, and both water projects that provide water resources to the Amithirigala and Mahadeniya areas have been built in the vicinity of this waterfall.
L2D5ZNT.jpeg
On the Ruwanwella - Avissawella main road, turn left at the Thalduwa junction and follow the Amithirigala - Nittambuwa road for about 5 km. From the Namalgamuwa junction, turn left and follow the Goraka Ella road for about 350 meters to reach this waterfall.
Vs0DT5Y.jpeg
The lack of drinking water, toilet facilities, and a nearby place to get food and the lack of sufficient parking space for tourists coming here is a problematic situation. The fact that the tourists who come here collect polythene, plastic, water bottles, arrack bottles, and beer cans into the environment is another problematic situation, and the residents of the place where the parking lot is maintained collect and properly dispose of the garbage.
advertisement image

Leave Your Comments